Slide 1
Slide 2
Slide 3
Slide 3
previous arrow
next arrow

Learning Management System - ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය

The world’s most popular and most used learning management system. It is a flexible, and easy to use learning management solution. Notes, Assignments, and Quizzes are there with easy access to enhance the students learning process. Students and their parents can check their grades and progress easily. You can access LMS via both web and mobile. Moodle mobile app makes it easy to follow your classes, assignments, quizzes and every event.

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය හා වඩාත්ම භාවිතා කරන ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය අප මෙහි යොදාගෙන ඇත. භාවිතා කිරීමට ඉතා පහසු මෙය සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය ඉහළ නැංවීම සඳහා සටහන්, පැවරුම් ආදිය අඩංගු කර සකසා ඇත. මෙම පද්ධතිය සිසුන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට ඉගෙනුම් ක්‍රියාවලිය පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකි පරිදි සකසා ඇත. ඔබට වෙබ් සහ ජංගම යන දෙඅංශයෙන්ම මේ වෙත පිවිසිය හැකිය. Moodle ජංගම යෙදුම මඟින් ඔබේ පන්ති, පැවරුම්, ප්‍රශ්නාවලිය යනාදියට ප්‍රවේශ වීම තවත් පහසු කරයි.

Video Lessons - වීඩියෝ පාඩම්

Paid & Free Courses Are Available

Video lessons and courses are available under various topics which are important to students. Courses are helpful to improve their extra knowledge, getting ready for examination, study difficult lessons etc.

සිසුන්ට වැදගත් වන විවිධ මාතෘකා යටතේ වීඩියෝ පාඩම් සහ පාඨමාලා තිබේ. ඔවුන්ගේ අතිරේක දැනුම වැඩි දියුණු කිරීමට, විභාගයට සූදානම් වීම, දුෂ්කර පාඩම් ඉගෙනීම යනාදිය සඳහා පාඨමාලා උපකාර කර ගත හැකිය.

Moodle ජංගම දුරකථන යෙදුම

Quick & Easy Access

Access LMS with Moodle mobile app. User friendly interface, customized notifications, event calendar and more at your finger tip.

Moodle ජංගම යෙදුම සමඟ LMS වෙත පහසුවෙන් පිවිසීමේ හැකියාව. පරිශීලක හිතකාමී අතුරුමුහුණත්, ස්වයංක්‍රිය දැනුම්දීම්, දින දර්ශනය සහ තවත් බොහෝ දේ ඔබේ ඇඟිලි තුඩ මතට.

Some valuable thoughts..

Dear Students, Parents and Teachers. Your feedback is very important to us. Here are some valuable thoughts we got. Please take a moment to say what you think about us and what are your suggestions to improve our service.

Manujaya Jayathilaka

Undergraduate - University of Jaffna - 2018 A/L (Palitha Samarakoon/ Political Science)

දේශපාලන විද්‍යාවේ මහගෙයින් දීග ලත් අයෙක්ගේ සටහනකි. 2017 වර්ශය යනු මගේ ජීවිතයේ බෑවුම පටන් ගත් වසරයි.මා උසස්පෙල ගණිත විශය ධාරාවෙන් හැදෑරූ කාලයයි.මා විසින් මා කෙරේ තිබූ විශ්වාසයට අනුව 2018 වර්ශය යනු මාස පහක් වැනි කෙටි කාලයක් තුල කලා විශය ධාරාවෙන් උසස්පෙල විභාගයට පෙනී සිටීමට මා තීරණය කල කාලයයි.2021 යනු මා නුවරඑළිය දිස්ත්‍රික් 12 වෙනි ස්ථානයත් සමග යාපනය විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන කාලයයි. මේ වචන ටික ලියන්නෙම මං 2017 හිටියා වගේම බෑවුමක් ළඟ නතර වෙලා සිටින මගේම උන්ටයි.. මගේ ජීවිතයේ හැරවුම් ලක්ශය ගැන ඔබ ප්‍රශ්න කරොත් මා දෙන එකම උත්තරය සරලයි.ඒ අපෙ පාලිත සර්ගෙ political පන්තියයි. දේශපාලන විද්‍යාවේ මහ ගෙදරින් දීග ලත් අයෙක් ලෙස මා මුලින් සඳහන් කරේ අදටත් නීති ශිෂ්‍යයෙකු වන මා දේශනයකදි,විභාගයකදි මුලින්ම පෙරලන්නෙ සාක්කුවේ රෝල් කරළ හවසට ගෙදර අරන් ගිය පාලිත සර්ගෙ පන්තියෙ ටියුට් එක නිසාවෙන්.ඒ ටියුට් එකම අදත් හැම විභාගෙකටම කලින් පෙරලන නිසාවෙන්.අදටත් අපි යන එන හයියක් හොයන තැනක් වේ නම් අපේ ඒ පුංචි පන්තිය නිසාවෙන්. ඉතින් විශ්වාසෙන් සහතික වෙනවා මේ තමයි හොඳම තැන..දාහක් මල් දරාගෙන ඉන්න හයියම හයිය මුල තියන තැන..ඒ මුලේ නම පාලිත සමරකෝන් ..ආයෙත් සර්ට ස්තුති

A.M.Kaumini Thushari

University of Kelaniya - 2016 A/L (Palitha Samarakoon/ Political Science)

දේශපාලන විද්‍යාවේ විෂය පිලිබදව පමණක් නොව සමාජයේ නිවැරදිව ජීවත් වන්නේ කේසේද යන්න මනාව ඉගෙනගත්තු තෝතැන්නක් ලෙසත් .මුදල් අරමුණු කරගත් සමාජයේ මනුෂ්‍යත්වය තුළින් සිසුන්ගේ ජීවිත ආලෝකය කරා ගෙන ගිය ගුරු පියෙක් ලෙසත් අපේ පන්තිය හදුන්වා දෙන්න පුලුවන් .

A.M. Prarthana Jayanthimala

University of Colombo- 2020 A/L (Palitha Samarakoon/ Political Science)

සහෝදරත්වයත්, මිත්‍රත්වයත්,පීතෘ ත්වයත් ,එක් තැන් කරමින් දේශපාලන විද්‍යාව කියන ගැඹුරු විෂය සියුම්ව වටහාදෙමින් සිය සිසුන්ගේ අරමුණු වෙත ලගාවෙන්නට පාර කියා දුන්නු පන්තියයි

Layer 1

BrightPath Institute